Saturday, May 1, 2010

දුන්තෙල් බත්




සම්බා හෝ බාස්මතී කිලෝ 1
මස් තැම්බූ වතුර (ස්ටොක් සාරය)
බොම්බයි ළුණුගෙඩි 6
එනසාල්, කරාබුනැටි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1 බැගින්
රම්පෙ කරපිංචා
ලුණු


එනසාල්, කරාබුනැටි, ගම්මිරිස් කුඩු ගෙන රෙදිකඩකින් පොට්ටනියක් කර බඳින්න. බොම්බයි ළුණු, රම්පෙ කරපිංචා ආදිය තෙලෙන් බැද ගන්න, එයටම ස්ටොක් සාරය එකතු කර තෙම්පරාදු කරගන්න, මිශ්‍රණයට හාල් එකතු කර කුළුබඩු පොට්ටනියද දමා ස්ටොක් සාරයෙන් බත ඉදෙනතුරු මද ගින්නේ පිසගන්න...


පරිප්පු හොද්ද





පරිප්පු ග්‍රෑම් 250
උම්බලකඩ කෑලී මේස හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු ස්වල්පයක්
රතුළුණු ගෙඩි 10
අමු මිරිස් කරල් 4
කරපිංචා සහ රම්පේ
පොල් අඩලයක කිරි දෙවර්ගය
තෙල් ස්වල්පයක්
කැබලි කර ගත් වියලි මිරිස් කරල් 2




පරිප්පු සෝදා ගරාගෙන මිරිස්කුඩු, කහකුඩු සහ ලුනු වලින් අනාගෙන පසෙක තබන්න, ඇතිලියකට තෙල් දමා නටවාගෙන පොල්කිරි හා පරිප්පු හැරෙන්නට අනෙක් සියලුම ද්‍රව්‍ය දමා සුවඳ හමන තුරු බැඩගන්න. ඉන්පසු ඊට පරිප්පු ද එකතු කරන්න, පලමුව දිය කිරිද දෙවනුව මිටිකිරිද දමා පරිප්පු තැම්බෙන තුරු පිසගන්න.