Monday, April 13, 2009

රැලං අලුවා





රැලං ග්රෑම් 500 යි.
හාල් පිටි ග්රෑම් 250 යි.
කිතුල් පැණි බෝතල් 1/2 යි.
කජු මද 20 යි.
එන්සාල් ක‍රල් 5 යි.
පොල් කෝප්ප 3 යි.



රැලං හා හාල් පිටි හොදින් බැද ගන්න.පොල් ද එලෙසම බැද ගන්න. එන්සාල් ක‍රල් ටික තලා ගන්න. කජු මද කපා ගන්න. බදුනක් ළිප තබා පැණි ටික උණු ක‍රන්න. ලුණු ටිකක් හා තලා ගත් එන්සාල් ද දමන්න. පැණි නූල් ඇදෙන ත‍රමට උණු වූ විට රැලං බැදගත් හාල් පිටි හා පොල් ද එකතු ක‍රන්න. ඉන්පසු ළිපෙන් ඉවත් කර කජුද එක් ක‍ර ගන්න. කලින් බට‍ර් ගා සූදානම් ක‍ර ගත් තැටියකට දමා කැමති හැඩයකට කපා ගන්න.

මුං කැවුම්





හාල් පිටි කැට 2 යි.
මුං පිටි කැට 1 යි.
සුවද කුඩු තේ හැදි 1/4 යි.
පොල් තෙල් ස්වල්පයක්.
සීනි ග්රෑම් 150 යි.
හකුරැ ග්රෑම් 150 යි.



හාල් පිටි බැදගන්න. මුං ඇට සෝදා වේලෙන්න හැර කබලේ බැද කුඩු ක‍රන්න. බදුනක් ළිප තබා සීනි දමා රත් ක‍රන්න. එය දියවන විට වතුර එක්ක‍ර හැදි ගාමින් දියක‍රගන්න. ඉන්පසු සූරාගත් හකුරැ ද, සුවද කුඩු ද, ලුණු බිංදු කිහිපයක් හා පිටි දෙවර්ගයම එයට දමන්න. පදමට ආවාම ලිපෙන් බා පිටි තව‍්රන ලද ලෑල්ලක තුනී ක‍රගන්න. ඉන්පසු කෑලි වලට කපා ගන්න.

හාල් පිටි කැට 2 ට පොල් කිරි කෝප්ප 1 ක් පමණ දියක‍රගන්න. ඊට ලුණු හා කහ ටිකක් ද එක්ක‍ර මෙම සාන්ද‍්රණයේ කලින් කපාගත් කැබලි බස්වා ගැඹුරැ තෙලෙන් බැද ගන්න.

Saturday, April 11, 2009

කජු අලුවා




කැකුලු පිටි කැට 2 යි.
පැණි කෝප්ප 1/4 යි.
සීනි ග්රෑම් 250 යි.
ලුණු ස්වල්පයක්
කැබලි ක‍රගත් කජු


පැණි හා සීනි ළිප තබා උණු ක‍රන්න. උණු වන විට කපා ගත් කජු කැබලිද එක් ක‍රන්න. ඉන්පසු හොදින් රන්වන් පාට වන තෙක් බැද ගත් පිටි ද ලුණුද බටර් ටිකක්ද දමා කලවම් ක‍්රන්න. පදමට ආ පසු ලිපෙන් බා පිටි තව‍රා ගත් ලෑල්ලක දමා කැමති හැඩයකට කපා ගන්න.

වැලි තලප





කැකුලු හාල් කිලෝ 1 යි.
ත‍රමක් පැසුණු පොල් ගෙඩි 2 යි.
ලුණු ස්වල්පයක්
සීනි ග්රෑම් 400 යි.
පැණි ලීටර් 1/2 යි.



හාල් හොදින් සෝදා ග‍රා වතුර පෙරාගෙන කොටා පිටි ක‍රගන්න. පනේරයකින් පිටි හොදින් හලන්න. පොල් ගෙඩි දෙකෙන් එකක් සිහින්ව ගාගෙන මිටිකිරි සාදාගන්න. මෙහිදී ඉතිරි වූ පොල්කුඩු සහ දෙවැනි පොල් ගෙඩිය ගාගෙන එම පොල් ද එකතුක‍ර ඊට පිටි කැට සාදා ගන්න. මේ පිටි කෑම පිට්ටු බම්බුවකට ඇතුලුකර තදක‍ර තම්බා ගන්න.

පැණි සාස්පානකට දමා ළිප තබා රත් ක‍රමින් ඊට සීනිද ටිකෙන් ටික එකතු ක‍රමින් දිය ක‍රගන්න. සාදාගත් පැණි ද්‍රාවණයට කලින් සාදාගත් පිට්ටු ටිකෙන් ටික එකතු ක‍රමින් හැදිමිටකින් පත් ගාන්න. තලප හැන්දේ ඇලෙන පදමට ගෙන ළිපෙන් බාගෙන බටර් ගෑ ලෑල්ලක අතුරා රැචිත හැඩයකට කෑලි කපා ගන්න.

Friday, April 10, 2009

ඉදි ආප්ප




රතු හෝ සුදු කැකුලු කිලෝ 1යි
උණු වතුර කේතලයක් උතුරැවා ගන්න
ලුණු ස්වල්පයක්



හාල් සෝදා ග‍රාගෙන පෙගෙන්නට හ‍්රින්න. පසුව වතුර බේරාගෙන වංගෙඩියේ කොටා පිටි ක‍රන්න. සදාගත් හාල්පිටි පෙනේරෙකින් හලාගන්න. කබලක් ළිප තබා හාල්පිටි රත්‍්ක‍ර ගන්න නැවතත් පෙනේරෙකින් හලන්න. මෙසේ සාදාගත් හාල්පිටි වලට ලුණුවතුර සහ උණුවතුර පදමට මිශ‍්රක‍රගෙන ඝනකමට පාප්පයක් මෙන් අනාගන්න. ඉදිආප්ප වංගෙඩියට දමා ඉදිආප්ප තට්ටුවලට රවුමට වත් ක‍රන්න. වණ්ඩුවේ තම්බා ගන්න.