Saturday, April 11, 2009

වැලි තලප





කැකුලු හාල් කිලෝ 1 යි.
ත‍රමක් පැසුණු පොල් ගෙඩි 2 යි.
ලුණු ස්වල්පයක්
සීනි ග්රෑම් 400 යි.
පැණි ලීටර් 1/2 යි.



හාල් හොදින් සෝදා ග‍රා වතුර පෙරාගෙන කොටා පිටි ක‍රගන්න. පනේරයකින් පිටි හොදින් හලන්න. පොල් ගෙඩි දෙකෙන් එකක් සිහින්ව ගාගෙන මිටිකිරි සාදාගන්න. මෙහිදී ඉතිරි වූ පොල්කුඩු සහ දෙවැනි පොල් ගෙඩිය ගාගෙන එම පොල් ද එකතුක‍ර ඊට පිටි කැට සාදා ගන්න. මේ පිටි කෑම පිට්ටු බම්බුවකට ඇතුලුකර තදක‍ර තම්බා ගන්න.

පැණි සාස්පානකට දමා ළිප තබා රත් ක‍රමින් ඊට සීනිද ටිකෙන් ටික එකතු ක‍රමින් දිය ක‍රගන්න. සාදාගත් පැණි ද්‍රාවණයට කලින් සාදාගත් පිට්ටු ටිකෙන් ටික එකතු ක‍රමින් හැදිමිටකින් පත් ගාන්න. තලප හැන්දේ ඇලෙන පදමට ගෙන ළිපෙන් බාගෙන බටර් ගෑ ලෑල්ලක අතුරා රැචිත හැඩයකට කෑලි කපා ගන්න.

1 comment:

  1. Online casino site ᐈ Find a casino site! | ChoGam Casino
    How to login to the online casino site? · Step 1: Look for 제왕카지노 a website with a link. · Step 2: Look for the official button. · Step 3: Look 카지노 for the official 바카라사이트

    ReplyDelete