Saturday, May 1, 2010

පරිප්පු හොද්ද





පරිප්පු ග්‍රෑම් 250
උම්බලකඩ කෑලී මේස හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු ස්වල්පයක්
රතුළුණු ගෙඩි 10
අමු මිරිස් කරල් 4
කරපිංචා සහ රම්පේ
පොල් අඩලයක කිරි දෙවර්ගය
තෙල් ස්වල්පයක්
කැබලි කර ගත් වියලි මිරිස් කරල් 2




පරිප්පු සෝදා ගරාගෙන මිරිස්කුඩු, කහකුඩු සහ ලුනු වලින් අනාගෙන පසෙක තබන්න, ඇතිලියකට තෙල් දමා නටවාගෙන පොල්කිරි හා පරිප්පු හැරෙන්නට අනෙක් සියලුම ද්‍රව්‍ය දමා සුවඳ හමන තුරු බැඩගන්න. ඉන්පසු ඊට පරිප්පු ද එකතු කරන්න, පලමුව දිය කිරිද දෙවනුව මිටිකිරිද දමා පරිප්පු තැම්බෙන තුරු පිසගන්න.

4 comments:

  1. ඕකට තුනපහ දාන්නෙ නැද්ද??

    ReplyDelete
  2. හම්මේ ජාමේ බේරගන්න මේකට පිං සිද්ධ වෙන්න පරිප්පු හොද්දක් හදා ගත්තා. තැන්ක්යූ වේවා.

    ReplyDelete
  3. අම්මේ... අම්මල ගියා ගමනක් කන්න දීල ගිය ගාන ඉතුරුයි... ඉව්ව මේකෙන් බලාගෙන...
    යකූ බලද්දි වෙනද ඒවටත් වඩා මංම හදපු එක හොදයිනෙ??? ;-)

    ReplyDelete
  4. යකෝ පරිප්පූ 250 G වැඩිනැද්ද😪

    ReplyDelete