Monday, April 13, 2009

මුං කැවුම්





හාල් පිටි කැට 2 යි.
මුං පිටි කැට 1 යි.
සුවද කුඩු තේ හැදි 1/4 යි.
පොල් තෙල් ස්වල්පයක්.
සීනි ග්රෑම් 150 යි.
හකුරැ ග්රෑම් 150 යි.



හාල් පිටි බැදගන්න. මුං ඇට සෝදා වේලෙන්න හැර කබලේ බැද කුඩු ක‍රන්න. බදුනක් ළිප තබා සීනි දමා රත් ක‍රන්න. එය දියවන විට වතුර එක්ක‍ර හැදි ගාමින් දියක‍රගන්න. ඉන්පසු සූරාගත් හකුරැ ද, සුවද කුඩු ද, ලුණු බිංදු කිහිපයක් හා පිටි දෙවර්ගයම එයට දමන්න. පදමට ආවාම ලිපෙන් බා පිටි තව‍්රන ලද ලෑල්ලක තුනී ක‍රගන්න. ඉන්පසු කෑලි වලට කපා ගන්න.

හාල් පිටි කැට 2 ට පොල් කිරි කෝප්ප 1 ක් පමණ දියක‍රගන්න. ඊට ලුණු හා කහ ටිකක් ද එක්ක‍ර මෙම සාන්ද‍්රණයේ කලින් කපාගත් කැබලි බස්වා ගැඹුරැ තෙලෙන් බැද ගන්න.

1 comment:

  1. ape amma hadanawaa mewwa....
    patttaaaaa rahayi....

    api horen kanawaaa hitu kiyalaaaa

    ReplyDelete