Monday, April 13, 2009

රැලං අලුවා





රැලං ග්රෑම් 500 යි.
හාල් පිටි ග්රෑම් 250 යි.
කිතුල් පැණි බෝතල් 1/2 යි.
කජු මද 20 යි.
එන්සාල් ක‍රල් 5 යි.
පොල් කෝප්ප 3 යි.



රැලං හා හාල් පිටි හොදින් බැද ගන්න.පොල් ද එලෙසම බැද ගන්න. එන්සාල් ක‍රල් ටික තලා ගන්න. කජු මද කපා ගන්න. බදුනක් ළිප තබා පැණි ටික උණු ක‍රන්න. ලුණු ටිකක් හා තලා ගත් එන්සාල් ද දමන්න. පැණි නූල් ඇදෙන ත‍රමට උණු වූ විට රැලං බැදගත් හාල් පිටි හා පොල් ද එකතු ක‍රන්න. ඉන්පසු ළිපෙන් ඉවත් කර කජුද එක් ක‍ර ගන්න. කලින් බට‍ර් ගා සූදානම් ක‍ර ගත් තැටියකට දමා කැමති හැඩයකට කපා ගන්න.

9 comments:

  1. අනේ මම මේවා කන්න ආසයි ගොඩාක්...
    හදලා දෙන්නකෝ.................

    රැලං පෙරේතයා

    ReplyDelete
  2. අපට ඉන්න එකම සූපවේදිනිය! මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  3. ෂා නියමයි බ්ලොග් එක, සූප වේදිනියට මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  4. නියමයි. ඒත් පොඩි කේස් එකක්. මම හිතං හිටියේ රුලං කියල.

    ReplyDelete
  5. හැබෑටම ඔයා මේ එකක් හරි හදලා තියෙන්වද?

    ReplyDelete
  6. කවද්ද පරිප්පු හදන හැටි අපිට උගන්නන්නේ!!

    ReplyDelete
  7. පැණි ආප්ප හදන හැටි දැනගන්න කැමතියි. පුලුවන් නම් ලියල තියෙනවද? ඔයාට ගොඩක් ස්තුතියි මේ වෙබ් සයිට් එක අපි කාටත් හරි ප්‍රයෝජනවත් රොෂාන් ඉතාලිය

    ReplyDelete
  8. අහම්බෙන් මේ බ්ලොග් එක බැලුවේ. . . කන බොන දෙයක් ගැන බ්ලොග් එකක් වෙලත් මේ කෑමදාසයෙක් උනු මම මේක මෙපමන කල් නොදැකපු එක පුදුමයි . . . මොනා උනත් ඔබට සුභ පැතුම් . . . රසට කෑම හදන්න . . . අපේ කටවල් වලට කෙල උන්න විදිහට තව රස කරලා ලියන්න . . .

    ReplyDelete
  9. පුලුවන් නම් ඔය කරි වර්ග ගැනත් දාන්කෝ. එක අපි වගේ උයාගෙන කන අයටනම් ලොකු උදව්වක්.

    ReplyDelete